ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අල්ලස් දැලේ…..

News Iamges.00_00_00_00.Still2813

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු අද (15) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් මිලියන 16.5ක මුදලක් රජයට පාඩු කිරීම තුළින් දූෂණ වරද සිදු කිරීමේ චෝදනාව යටතේය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම ඒා දකුණු පළා‌තේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ගද පුටු 16,361ක් නිවාස හෝ කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීම ඔහුට එල්ලවී ඇති චෝදනාව වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.