ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා ඊයේ (27) මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වනදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් 2023 වසරේ ජනවාරි 21 වනදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළා.



