ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත දිවයිනට

sl-srilanka

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවය හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වනිඳු හසරංග සඳහන් කළේ, රටින් යන මොහොතේ විශාල පීඩනයක සිටි බවත් නමුත් ජයග්‍රාහීව තරගය නිමා කිරීම ගැන සතුටට පත්වන බවයි.