ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා හිටපු සභාපති ශම්මි සිල්වා නැවත වතාවක් තේරී පත්ව තිබෙනවා. ඔහු එම ධූරයට පත් වූ තෙවැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා වනවා.
අද (20) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ඔහු එම ධූරය සඳහා නිතරඟයෙන් තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරය සඳහා මොහාන් ද සිල්වා පත්ව තිබෙනවා.

