ශ්‍රී ලංකාව Sinopec සමාගම සමඟ ගිවිසුම් ගතවෙයි

sinopec-sin

ශ්‍රී ලංකාව Sinopec සමාගම සමඟ මෙරට තුළ ඛනිජ තෙල් නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම සඳහා වන ගිවිසුමකට අද (22) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සහ චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමඟ ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එළඹුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පත්කළ විශේෂ කමිටුව සහ සමාගම සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව එම කමිටුව විසින් ලබාදුන් නිර්දේශ පරිදි මෙම ගිවිසුමට එළඹුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.