ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයේ මැදිහත් වීම G7 නායකයින්ගේ අවධානයට

g7

ජපානයේ දී පැවැත්වෙන G7 ලෝක නායක සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අවධානය ‍යොමුවී තිබෙනවා.

ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය එක්ව ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සාකච්ඡා මෙහෙය වීම සම්බන්ධව G7 ලෝක නායකයින්ගේ ප්‍රසාදය හිමිව තිබෙනවා.

එමෙන්ම ලෝක නායකයින් අවධාරණය කර ඇත්තේ මෙම රටවල් ත්‍රිත්වයේ මැදිහත් වීම අනාගතයේ දී මැදි ආදයම් රටවල ණය ගැටලුව විසඳීම සඳහා දියත් කරනු ලබන බහුපාර්ශ්වික ප්‍රයත්නයන් සඳහා ද සාර්ථක ආදර්ශයක් වනු ඇති බවයි.