ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතිකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මේ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බවයි Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය එරට අපනයන – ආනයන බැංකුව හරහා මාර්තු 6 වනදා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

