ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2022 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 898.0 දක්වා 14.6% කින් පහත වැටී තිබෙනවා.
එය 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 13.13% ක අඩුවීමක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ.
ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයන පහත වැටීමට හේතු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

