ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත වෙළෙඳසැල්වලින් ලබාගත් සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරේ

sripada-road-shop

ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කොට ලබාගත් ආහාර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

ලිස්ටීරියා නැමති විෂබීජය ඇතැම් පිරිස් වෙත ආසාදනයවීමත් සමඟ මෙලෙස ශ්‍රී පාදය ස්ථානයේ මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාවට ලක් කිරීමට නල්ලතන්නිය හා නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊ‍යේ (17) දිනයේ දී කටයුතු කළා.