ශකිබ් අල් හසන්ට මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක්

shakib-al-hasan-nn

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් එරට පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.

ෂකීබ් ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන කාසි රෙසාවුල් හොසේන්ට වඩා ඡන්ද 1,50,000 ක පරතරයකින් ජයගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ද අවාමි ලීගය සමඟ තවත් ධුර කාලයක් ලබාගෙන තිබීම විශේෂත්වයක් වන අතර ඇයගේ පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 300 න් 200 ක් දිනාගෙන තිබෙනවා.