වෛද්‍යවරුන් හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

doctor1

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අවශ්‍යතාවය මත කැබිනට් මණ්ඩලය අනුමත කර ඉහළ දැමූ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මාසය තුල ලබාදීම අවහිර කිරීමේ උත්සාහයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි සැලැස්ම පිළිබඳව හෙට උදෑසන රැස්වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65af8a2bd126d