බගවන්තලාව සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව නෝර්වුඩ් පොලීසිය පැවසීය.
අද (16) පස්වරු 4ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී බව සඳහන් වෙයි.
අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගය අබියස වූ දුරකථන රැහැන් සහිත කණුවක ගැටී කැබ් රථය නතර වී ඇත.
කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව බව සඳහන් වෙයි.
අනතුරින් කැබ් රථයේ පසුපස රෝදයට ගැලවී ගොස් ඇති බව අනතුර පිළිබද පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පොලීසිය පවසයි.
අනතුරට හේතුව කැබ් රථයේ අධික වේගය සහ කැබ් රථය ලිස්ස යෑම බවට සැක කෙරෙන අතර, පවතින අයහපත් කාළගුණයත් සමඟ ප්‍රධාන මර්ගවල සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නෝර්වුඩ් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

