වෙළඳ ඇමතිගෙන් ආනයනකරුවන්ට ඉල්ලීමක්

nalin-fdo

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

මේ මොහොතේ ආනයනකරුවන්ට අවාසියක් සිදුවුවද එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය සතියේ සීනි කිලෝවක් රු 25 – 30කින් අඩු වූ බවත් අල, ළූණු මිලද පහළ ගොස් ඇති බවත් මේ සති කිහිපය තුළ මිල අඩුවී පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.