වෙඩි තබා මරා දළ ඇතෙකුගේ දළක් කපා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න මහතාගේ මගපෙන්වීමෙන් සියඹලාණ්ඩුව කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ටී. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.01 වන දින ඇතිමලේ පොලිස් වසමේ නරියාය, සම්පත්යාය වැව් ඉස්මත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී වෙඩි තබා මරණ ලද දළ ඇතෙකුගේ අඩි 04 ක් පමණ දිග දළ කොටසක් පොරවක් අධාරයෙන් කපා සඟවාගෙන සිටි මාමඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටියාගල බීට්ටු වන කාර්යාලය වෙත භාර දී ඇත.


