වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවක

Student-Protest

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ වරාය, තෙල්, ජල විදුලිය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ඉවත් කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට එම සාකච්ඡාව කැඳවා ඇති බවයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළේ.

වැඩ වර්ජනයක් දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගියහොත් රටට විශාල පාඩුවක් සිදුවන බවත් මේ හේතුවෙන් රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.