පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එම නව පනත් කෙටුම්පත මඟින් විශේෂ වෙළද භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

