මෙරට විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යයන පද්ධතිය තුළ ඇති කර ගන්නා ගැටුම් අමානුෂික ක්‍රියාකාරකම් දක්වා වර්ධනය වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.
එහිදී සිසුන් පිරිසක් විසින් තවත් පිරිසක් ඉහළ මහලට පැමිණීම වැළැක්වීම සඳහා ඉහළ සිට පඩිපෙලට උණුවතුර දැමීමටද කටයුතු කර ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් සියළුම පීඨවල ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමටද ඊයේ කටයුතු කර තිබුණා.

