විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළට පොලීසිය ඇතුලුවීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් සහ පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
මේ වන විට විශ්විද්‍යාල සිසුන් විරෝධතාවල නිරත වන්නේ විශ්විද්‍යාල පද්ධතිය තුළ ඇති ගැටලු සම්බන්ධයෙන් නොවන බවත් පොදුවේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
විශ්විද්‍යාල පද්ධතිය තුළ ඇති ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සාකච්ඡා කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

