විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවසනවා.
ඒ අනුව අද පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බවයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

