කොළඹ විශ්ව විද්‍යාලය සහ කැළණිය විශ්ව විද්‍යාලය අවට විරෝධතා පාලනය කිරීම සඳහා පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාර්තු 13 වනදා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා ඇති බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.


