වියළි කාලගුණයෙන් පුද්ගලයින් 190,000ට ආසන්න පිරිසක් පීඩාවට පත්වෙයි

udawalawa-lake-dry

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 190,000ට ආසන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
වියළි කාලගුණයෙන් ඇතිවූ පානීය ජල හිඟයට දිස්ත්‍රික් 15ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 ක ජනතාවට මුහුණ දීමට සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
එම ප්‍රදේශවල පවුල් 54,979 කට අයත් පුද්ගලයන් 183,038 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ.