පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන මස මුල් සතිය තුළ ආරම්භ කරන බව පැෆරල් සංවිධානය පවසනවා.
ඒ අනුව මැතිවරණ කොමිසම සමග ඒකාබද්ධව අපේක්ෂකයින් දැනුවත් කිරීමට මෙම වැඩසටහන ක්රියාත්මක කරන බවයි එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
මැතිවරණ අපේක්ෂයන් සියලුදෙනා මෙම නීති ගැන දැනුවත්ව සිටීම වැදගත් බවත් මැතිවරණය අවසානයේ මැතිවරණ වියදම් නිල වාර්තා ලබාදීම සෑම අපේක්ෂකයෙකුගේම වගකීමක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

