සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ සන්ධානය තවදුරටත් පුළුල් කර රට අකර්මණ්‍ය කරමින් රට විනාශ මුඛයට ගෙනයන ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊයේ (21) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේදී යෝජනා වී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සිය සන්ධානය තුළින් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

