විදේශ සේවා නියුක්ති කාර්යාංශය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයක් ස්ථාපනය කර විවෘත කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ති ජනාධිපති ජේෂ්ඨ උපදේශක වඩිවේල් සුරේෂ් මහතාගේ සහභාගිත්වයෙන් (07) දින උදෑසන 10.00 ට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පස්වෙනි මහලේදී සිදු කෙරිණ. .
පිටරට ගෘහ සේවිකා ඇතුළු විදේශ රැකියා විශාල ප්‍රමාණයක් සඳහා පිටත් වීමට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇති ඉහළ ප්‍රතිශතය හා උනන්දුව සැලකිල්ලට ගනිමින් නුවරඑළිය දිස්ත්‍රිකය කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමෙන් අවශ්‍ය කටයුතු නිම කර ගැනීමට හැකි පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව ශාඛාවක් පිහිටවීමට කටයුතු කර තිබිණ ,
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් ශාඛාව විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතා අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා කියා සිටියේ මෙලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයට කාර්යාලයක් ව්වෘත්ත කිරීමේ අරමුණ පහල වී ඇත්තේ පසුගිය දැසැම්බර් මාසයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මගින් සංවිධානය කල වැඩසටහනකදී නාට්‍ය අංගයක් ඉදිරිපත් කල නුවරඑළිය පාසල් දරුවන් පිරිසක් නාට්‍ය අතරතුර දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් නුවරඑළිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලක් විවෘත කරදෙන ලෙස කල ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මාසයක් ඇතුලත සැලසුම් කල සිදු කල ලද්දක් බවයි ,
වැඩිදුර අදහස් දක්වමින් කම්කරු හා විදේශ සේවා අමාත්‍යවරයා මෙසේද කීය ,
දැන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදෙස්ගතවීමට බලාපොරොත්තු වන අයට හා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයෙන් සේවාවන් ලබා ගන්න කොළඹට , මහනුවරට හා බදුල්ලට යන්න ඕන නෑ ඕනෑම භාෂාවකින් නුවරඑළියේදිම් ගුණාත්මක සේවාවක් ලබා ගන්න පුලුවන් ,
වසර 200 ඉදලා රට වෙනුවෙන් නොයෙකුත් කැපකිරීම් කරපු වතුකර කම්කරු ජනතාව වෙනුවන් මෙවන් සේවාවක් කිරීම පිලිබඳව බොහෝ සෙයින් සතුටු වෙනවා ,
තාවත් හොද ජීවන තත්වයක් නැති කදුකර ජනතාවට , නිසි අද්යාපනයක් නැති කදුකර ජනතාවගේ දරුවන්ට හොද අද්යාපනයක් ලබා දෙන්න අපි කටයුතු කල යුතුයි ,
ඒ හැම දෙයක්ම වෙනුවෙන් තමා ඔහුන්ගේ අවයතාව ඉටු කරන්න තමා අපි මේ වැඩසටහන දියත් කලේ ,
අපි අද නුවරඑළිය විවෘත්ත කරපු කාර්යාලයෙන් ජාති භාෂා ආගමික භේදයකින් තොරව සේවාවන් ලබා ගන්න පුලුවන් ,
මම ශාප කරනවා එදා එදන් දේශපාලනික අරමුණු වෙනුවෙන් ජාති ආගම් වටට බෙදපු හැම දේශපාලයෙකුටම .
මෙම අවස්ථාව සඳහා විවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සමාන්‍යාධිකාරි අනුර ලියන්වල , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් , අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ලාල් සමරසේකර මහතා , නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරියේ සමාජිකන් , විදෙස් ගත ශ්රමිකය්න්ගේ පවුල් සාමාජිකයන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ


