ජනතා සෞඛ්‍ය රැක දෙන ක්ෂේත්‍රයක් මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.
ඔහු පවසා සිටියේ ‘හෙල්ත් ටුවරිසම්’ (Health Tourism ) මගින් රටට ආදායම් උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක ‘හෙල්ත් ටුවරිසම්’ වැඩපිළිවෙළ හිතකර බවත්, හෙද ක්ෂේත්‍රය තුළින් ද නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන ව්‍යාපාර ඇති කළ යුතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

