විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ පිළිබඳව තලංගම පොලීසියට ලද පැමිණිලි 3 ක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පතක්, රු 15,000ක් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කරන ව්‍යාජ ටෝකන් පත් 9 ක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල පසුවන මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.