අනුරාධපුර වනසත්ව අඩවි කාර්යාලයට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් සිදුකළ කළ සෝදිසියකදී එම ඇතාගේ මළ සිරුර සොයාගෙන ඇත. ඒ අනුව, රඹෑව අළුත්ගම ප්‍රෙද්ශයේ බඩඉරිගු හේනක වැටී සිටියදී එම දළ ඇතාගේ මළ සිරුර සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබේ. මින් දිනකට පමණ ඉහතදී එම දළ ඇතා මිය යන්නට ඇතැයි යන ජීවී නිලධාරීහු පවසති.
මෙලෙස මිය ගොස් ඇති දළ ඇතා වයස අවුරුදු 35-40ක් පමණ වන හොදින් වැඩුනු දළ යුගලක් ද හිමි ඇතෙකි.
මෙම ඇතාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීඹ සදහා වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පවත්වනු ලැබිණ. ඒ, අනුරාධපුර පණ්ඩුලගම වනසත්ව සෞඛ්‍ය කලමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි. පැවැති එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී විදුලි සැර වැදීමකින් එම දළ ඇතා මිය ගොස් ඇති බව අණාවරණය විය. මිය ගිය දළ ඇතාගේ ශරීරයෙ ස්ථාන කිහිපයක තිබී විදුලි සැර වැදුනු බවට වන සාක්ෂි සලකුණු කිහිපයක්ද වනජීවී පශු වෛද්‍යවරු විසින් මෙහිදී හදුනාගැනින.
ඒ අනුව මෙම දළ ඇතා ගේ මරණය ස්වභාවික එකක් නොව ඝාතනයක් යන්න හෙළීව තිබේ. ඒ අනුව විදුලි සැර යොදා මෙම දළ ඇතා ඝාතනය සැකකරුවන් කවුරුන්දැයි යනන් අනාවරණය කර ගැනීමටත් එම ඇතාගේ ඝාතනයේ සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමටත් අනුරාධපුර වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් මේ වනවිට වැඩි දුර විමර්ශණ ආරම්භ කර තිබේ.
ඡායාරූප
60- විදුලි සැර වැදීමෙන් දළ ඇතා මිය ගොස් සිටි අයුරු


