විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ජනතාවගේ අදහස් සහ යෝජනා වාචිකව ලබාගැනීම අද (18) සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට එය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
ජනතාවට විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලිඛිතවද එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

