විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද උපකල්පනවල වෙනස්වීම් පවතින බැවින් විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.
සැප්තැම්බර් මාසය සඳහා දිනකට ගිගා වොට් පැය 44.70 ක විදුලි ඉල්ලුමක් ලැබෙනු ඇති බව තක්සේරු කළද සැබෑ ලෙසම ඉදිරිපත්ව ඇති ඉල්ලුම ගිගා වොට් පැය 41.01ක් බවයි මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ.
ගල් අඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 68.60ක සිට රුපියල් 52.60ක් දක්වා අඩු වී ඇති බවද සිය ලිපිය මඟින් එම කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.
මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවේ උපකල්පනය, දත්ත සමඟ නොගැලපෙන බැවින් ඔක්තෝබර් 18 වනදාට පෙර නවතම දත්ත ඉදිරිපත් කරන ලෙසයි විදුලිබල මණ්ඩලයට වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.


