ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව මෙම සතිය තුළ ඒ අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ජලාශ තිබෙන සමනල වැව, වික්ටෝරියා, රන්දෙණිගල වැනි ප්‍රධාන ජලාශ තිබෙන සීමාවලට නිසි වර්ෂාපතනයක් නොලැඹෙන බවත් ජලාශවල තිබෙන ධාරිතාවෙන් මේ වනවිට භාවිතා කිරීමට හැක්කේ 65.81% ක් බවද ඔහු සඳහන් කළා.
එය පෙර වසර සමඟ සැසඳීමේදී 20% ක පමණ පහත යාමක් බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ

