ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකු නියෝජිතයින් සහ අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංගලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.
ඉදිරි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සහය පිළිබඳවද සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

