විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය දැනුවත් කිරීමට සහ යෝජනා ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සාකච්ඡාවේදී නව නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිදුකළ හැකි ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

