අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
ඇය සමඟ එරට රාජ්ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
ඔවුන් ඊයේ (31) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ UL – 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

