වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධ කමිටු වාර්තාව අද (04) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාළ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරෙන බවයි සඳහන් වන්නේ.
එයට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් පසු වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

