ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශ කිහිපයකට වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කර ඇති අතර වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් පත්කර ඇති අතර වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සහ වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබෙනවා.

