වැටුප් මත බදු අය කිරීමේදී පෞද්ගලික ප්රතිලාභ සලකාබලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව නිවාස සඳහා දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබන පුද්ගලයින්ගෙන් රුපියල් 20,000 ක් හෝ මුළු වැටුපෙන් 12.5% ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ගෙන් රුපියල් 40,000 ක් හෝ වැටුපෙන් 12.5% ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5% ක් ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5% ක ප්‍රතිලාභයද චක්රලේඛයෙන් ඉවත් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ. එසේම වාහන සඳහාද ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800 ට අඩු සහ වැඩි ලෙස පිළිවෙලින් රුපියල් 50,000 සහ 75,000 ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000 ක්, රියදුරු සඳහා රුපියල් 10,000 ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙස සංශෝධනය කර ඇති බවද සඳහන්. මේ අතර 100% ක් බද්දට යටත් වූ දුරකථන දීමනාවෙන් 25% ක් පමණක් ප්රතිලාභ ලෙස නව සංශෝධන මඟින් සලකන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
වැටුප් මත බදු අයකිරීමේදී පෞද්ගලික ප්රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කෙරේ
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය…..
Read more >> -
මහවැසි මැද රැස්වූ මුදල් කාරක සභාව…..
Read more >> -
රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති වසන්තගෙන් සහතිකයක්….
Read more >> -
මෙරට නිල සංචිත මැයි මාසයේදී සියයට 1.6කින් ඉහළට…..
Read more >> -
රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි……
Read more >> -
හැකර් විද්ද ඩො.මි 2.5 ගැන වාර්තාව මුදල් කාරක සභාවට……
Read more >>

