වැටුප් මත බදු අය කිරීමේදී පෞද්ගලික ප්රතිලාභ සලකාබලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව නිවාස සඳහා දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබන පුද්ගලයින්ගෙන් රුපියල් 20,000 ක් හෝ මුළු වැටුපෙන් 12.5% ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ගෙන් රුපියල් 40,000 ක් හෝ වැටුපෙන් 12.5% ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5% ක් ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5% ක ප්‍රතිලාභයද චක්රලේඛයෙන් ඉවත් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ. එසේම වාහන සඳහාද ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800 ට අඩු සහ වැඩි ලෙස පිළිවෙලින් රුපියල් 50,000 සහ 75,000 ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000 ක්, රියදුරු සඳහා රුපියල් 10,000 ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙස සංශෝධනය කර ඇති බවද සඳහන්. මේ අතර 100% ක් බද්දට යටත් වූ දුරකථන දීමනාවෙන් 25% ක් පමණක් ප්රතිලාභ ලෙස නව සංශෝධන මඟින් සලකන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
වැටුප් මත බදු අයකිරීමේදී පෞද්ගලික ප්රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කෙරේ
-
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….
Read more >> -
2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්…..
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..
Read more >> -
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
ඩොලරය රු. 309 ඉක්මවයි…..
Read more >> -
‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්….
Read more >> -
ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්….
Read more >> -
මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….
Read more >> -
ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….
Read more >>

