වසන්ත මුදලිගේ ඇප මත මුදා හැරේ

OIP

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීමත් සමඟ ඔහුව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, ඔහු අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාළව ඇප නියම වීමත් සමඟයි.

ඊයේ (31) ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර අද ඇප හිමිවූ නඩු 03ට අදාලව ඔහුව නැවත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබුණා.