අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු තුනකට ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.
ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (31) නිදහස් කළා.
කෙසේ නමුත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු තුනක් හේතුවෙන් ඔහු අද (01) දිනය දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර මෝසමක් මාර්ගයෙන් එම නඩු අද දිනයේ කැඳවා එම නඩු තුන සඳහා මෙලෙස ඇප නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

