වර්ජනවලින් වත්මන් ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන පවසනවා.
ඒ අනුව අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අරගලයෙන් සිදු කිරීමට නොහැකි වූ දෙය වර්ජනය හරහා සිදු කිරීමට උත්සාහ කරන බවයි.
වර්ජකයන් විසින් මේ අවස්ථාවේ සිදු කරන්නේ හෙන ගසන අපරාධයක් බවත් ජනතාව විසින් වර්ජකයන්ට ඒ සඳහා පාඩමක් උගන්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

