වප් පුර පසළොස්වක පොහොය අදයි

vesak-poya-day

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබෙනවා.

වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේ සිදුව ඇති බව සඳහන්.

භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේ ද මෙම පොහොය දිනයේදීයි.

සැරියුත් මහ නාහිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, මෛත්‍රී බෝ සතාණන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පොහොය දිනය වැදගත් වනවා.