වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “වනාන්තර භූ දර්ශන ප්‍රතිස්ථාපන වැඩසටහන ” වනජීවී හා වන සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, පැල්මඩුල්ල , රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
වැඩමවා වදාල පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාමය සහ කුට්ටපිටිය විහාරස්ථානයන්හි විහාරාධිකාරී පූජ්‍යපාද හුණුවල සද්ධානන්ද ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහනේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ආගමික වතාවත් සිදුකරන ලදී.
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශයේ රිල්හේන ග්‍රාමසේවා වසමේ ගෙවතු 300ක් සඳහා අඹ, දූරියන්, පැණි දොඩම්, ජමනාරං, පේර, රඹුටන් සහ මැංගුස් යන ආර්ථිකමය බෝග ද, කළුවර, නා, හල්මිල්ල හා කුරුඹැටිය යන වන වගා පැළ ද මෙහිදී බෙදාදීමට පියවර ගන්නා ලදී.
මේ අවස්ථාව සඳහා කලාප නියෝජ්‍ය වන සංරක්ෂක මහාචාර්ය වසන්ත ලියනගේ මහතා, දිසාවන නිලධාරී ආනන්ද අබේධීර මහතා, අඩවි වන නිලධාරී ඩී.පී.කේ. එච්. මොහොට්ටි මහතා ඇතුළු රක්වාන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් හා ප්‍රථිලාභී රිල්හේන ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.


