වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වන අතර ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව ද නොලැබෙන බවයි “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. 2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


