ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට…..

News Iamges.00_00_00_00.Still3002

පවතින සාමකාමී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල මේ වනවිට කැපී පෙනෙන ලෙස පහළ අගයකට පැමිණ තිබේ.

ආසියානු වෙළෙඳපොළට වැඩි වශයෙන් ඉන්ධන සපයන බ්‍රෙන්ට් වෙළෙඳපොළ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 70.80ක පමණ අගයක යි.

ඉරාන යුද්ධය ආරම්භ වූ පෙබරවාරි මස 28 වැනිදා වනවිට බ්‍රෙන්ට් ඉන්ධන බැරලයක මිල ඩොලර් 70කට ආසන්න අගයක පැවතුණි.

මේ අතර අමෙරිකාවේ WTI වෙළෙඳපොළ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67. 87ක් ලෙස සටහන්ව තිබුණි.

යුද්ධයට පෙර එය පැවතියේ ඩොලර් 68ක අගයකයි.