ලීසිං සඳහා දඩ පොලී අය කිරීම සහ අනාගත පොලී අය කිරීම නතර කිරීම සඳහා මැදිහත් වන ලෙස ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය මහ බැංකුවෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව එහි සභාපති අසංක රුවන් පොතුපිටිය සඳහන් කළේ, ගෙවා ගැනීමට නොහැකි වූ ණය මුදල් මාර්තු 31 ට පෙර ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු නොකර දඩ පොලිය 100% ක් අය කරන බවයි.
දඩ පොලී අය කිරීම, අනාගත පොලී අය කිරීම හා වාහන SEIZE කරන ආයතනවලට එරෙහිව මාර්තු 31 ට පෙර ආයතන අත්හිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

