ලන්ච් ෂීට් තහනම් කිරීමට නිර්දේශ කරයි

lunch-sheet

සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා “ලන්ච් ෂීට්” (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව පසුගියදා රැස්වූ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම නිර්දේශය ලබාදී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින “තැලේට්” නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙනවා.

ඒ අනුව සෙෳඛ්‍යයට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 6ක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට අදාළ නිර්දේශය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.