දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි මේ වන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩ වර්ජනය ආරම්භවී තිබෙනවා.
මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද හෙදියන් ඇතුළු රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද එක්ව ඇති බවයි සඳහන් වන්නේ.
රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලිබිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් මෙම එක්දින වැඩ වර්ජනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

