රු.කෝටි 7ක කුෂ් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට…..

News Iamges.00_00_00_00.Still2849

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු බව සඳහන් වේ.

මොහු තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහුගේ ගමන් බෑගය තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 500ක් සොයාගෙන ඇත.

සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.