පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීම රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාල්ඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.
ඩොලර් සඳහා පවතින ඉල්ලුම සම්පූර්ණයෙන් පාලනය කිරීම හා සැපයුම නිදහස කිරීම, රුපියලේ අගය මෙලෙස ශක්තිමත් වීමට හේතුව බව ඔහු පෙන්වා දෙනවා.
එවැනි අවස්ථාවක ඕනෑම රටක මුදලේ අගය ශක්තිමත්වීමක් සිදුවෙන බව පෙන්වා දූන් මහාචාර්යවරයා කියා සිටියේ එය දිගු කාලීනව පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.
තව මාස 2-3ක් තුළ ඉතා වේගයෙන් රුපියල කඩා වැටීමේ හැකියාවක් පැවතිය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

