කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඔස්සේ ඉන්දියාවේ මුම්බායි නුවර වෙත සූක්ෂම ගෙන යාමට උත්සාහ කළ රත්‍රං කිලෝ ග්‍රෑම් 10.5ක බරකින් යුතු රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රත්‍රං තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160ක් පමණ වන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම ගුවන්තොටුපොළේ සංක්‍රමණික පරිශ්‍රයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු ද මෙම සිදුවීමට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා. සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

